Friday, January 2, 2026

My Oxford Year ( a movie )

My Oxford Year

අලුත් අවුරුද්දෙ බලපු පලවෙනිම චිත්‍රපටිය. 

සරල ආදර කතාවක්. චිත්‍රපටිය පුරාම තියෙන හිතට වැදෙන දෙබස් එක දිගටම ච්ත්‍රපටිය බලන්න කැමැත්තක් ඇති කරා. 

"We don't regret the things we do. We regret the things we don't do"

ජීවිතේ ගත්ත තීරන ගැන පසුතැවෙන්නෙ නැති එක මම පුහුනු කරපු දෙයක්. ඒ නිසාම මේ ච්ත්‍රපටියෙ එන මේ දෙබසට තමයි වැඩියෙන්ම කැමති. ගත්ත තීරන වලට පසුතැවෙන්නෙ නැති නිසාම, වර්තමානයේ දෙයක් කරන්න කලින් ඒ දේ කිරීම හෝ නොකිරීම ගැන අනාගතයේ මම පසු තැවෙයිද කියල දැන් හොදින් හිතල බලනවා. ඒ ඔස්සෙ හිතද්දි මට මතක් වෙන ප්‍රදානම දෙය 2021 දී ඒ වෙද්දි අවුරුදු තුනක් උනු මගෙ චූටි දුවව ලංකාවේ තියල ජර්මනියට වැඩිදුර අද්‍යාපන කටයුතු වලට එන්න ගත්ත තීරනය. ඒ වෙලාවේ මට යනවද නැද්ද කියල තීරනය කරන්න උදව් උනු ලොකුම නිර්නායකය උනේ අනාගතයේ මම වැඩියෙන්ම පසු තැවෙන්නෙ ඒ අවස්තාව ලබාගෙන ජර්මනියට ගියොත්ද එලෙස නොගිහින් පුරුදු රැකියාව කරන් පුරුදු පරිසරයේම දිගටම හිටියොත්ද කියලා හිතලා බලපු එක. තීරනය ගන්න ගොඩක් ලේසි උනා. 

ඒ වගේම හිතට වැදුනු අනිත් දෙබස තමයි

"You never know if a choice you make is right or wrong until you make it. But what matter is that, they are yours to make"

මේ කතාව අපේ ජීවිතයේ හැම දේටම අදාලයි කියල මට හිතෙනවා. ජීවිතේ හැමදේම choice එකක්. අඩන එක, හිනා වෙන එක, තරහ ගන්න එක, තරහ නොගන්න එක, ආඩම්බර වෙන එක, නිහතමානි වෙන එක, හැමදේම choice එකක්. මගෙ දුව මොකක් හරි දේකට ඇඩුවොත් මම එයාට කියන්නෙ it's your choice, you can choose to be happy, it's an option too කියලා. තේරීම නිවැරදි කරගත්තම ජීවත් වෙන්න පහසුයි.

No comments:

Post a Comment

සමුදුර

  සමුදුර  උදේ හිම දැකලා ලියනකොට සමුදුර පත්තරය ගැන මතක් උනා. මම මේ පිටුව පටන් ගත්තේ මගේ ජීවිතයේ අත්දැකීම් ලියල තියන්න. සමුදුර කියන්නේ ජීවිතයේ...