Monday, July 24, 2023



Glum/ ග්ලුම්

මේක චූටි කතාවක්, හදිස්සියේ මයි ලියන්න හිතුනෙ. එකපාරටම Glum ගැන ලියන්නෙ ඇයි කියලා ඔයාල හිතනවා ඇති. අපි පොඩි කාලේ බලපු ගලිවර්ගේ සුවිසැරිය කාටුන් එකේ කොයි වෙලෙත් "ඕක හරියන්නෑ" කියන Glum ඔයාලට මතක ඇති. ඉන්ග්රීසි කාටූන් එකේ නම් කියන්නෙ, it's hopeless, we will never make it කියලා.
මගේ හස්බන්ඩ් දිලූපත් හරියට Glum වගෙයි😁 හැබැයි එයා ඕක හරියන්නෑ කියන්නේ මම කරන්න බලාපොරොත්තු වෙන ව්යාපෘති වලට විතරයි. මම ඉඩමක් ගන්න හැදුවත්, ගෙයක් හදන්න හැදුවත්, වගා කරන්න හැදුවත්, cake එකක් හදන්න හැදුවත් එයා හිනා වෙලා කියනවා "ඕක නම් ඔයාට හරියන් නෑ, ඔයා තවත් ගානක් නැති කරගන්න තමයි හදන්නෙ" කියල හැබැයි එයා ඒ විදිහට කියන්නේ මගේ වැඩ වලට විතරයි. එයා කරන ඕනම ව්යාපෘතියක් හොඳටම හරියයි කියල හිතනවා, හැබැයි මොකක්දෝ එකක් නිසා එයාගෙ ඒවා හරි යනවා වගේම මගේ ඒවා ඔක්කොම වරදිනවා.මට සෑහෙන්න පාඩුත් සිද්ද වෙනවා. ඉතින් මේ අවුරුදු දහයක විවාහ ජීවිතය එයා "ඕක ඔයාට හරි යන්නේ නෑ" කියලා කියපු කිසිම දෙයක් ඇත්තටම හරි ගිහිල්ලත් නෑ, කොටින්ම පොඩි කාලේ ඉදන්ම කේක් හදන්න දන්න මම මම කසාද බැඳලා හදපු මුල්ම කේක් එකත් පිච්චුනා🤷 (මේ ඔක්කොම ගැන පසුව ලියන්න හිතන් ඉන්නවා)
ඉතින් මේ Glum ගැන හදිස්සියේම ලිව්වෙ මගේ ජීවිතේ ඉන්න Glum පලවෙනි වතාවට මම කරන්න හදන දේකට කිව්වා "හොඳ අදහසක්" කියලා. ඒක ඉතින් මට විශේශයි.
පසුගිය ලිපියෙන් පස්සේ Manjula Perera මහත්මයා යෝජනා කරලා තිබ්බ බ්ලොග් එකක් ලියන්න කියලා. එතුමා තමයි "තට්ටයගෙ කොලම" කියන බ්ලොග් එක ලියන්නෙ. බ්ලොග් කියන්නෙ මට අලුත්ම අදහසක්, ඒක හරිම අපූරු දෙයක් කියලා හිතෙනවා. ඒ ගැන දිලූපට කිව්වම "ඒක නම් හොද අදහසක්" කිව්වා. ලියන්න ඕනි දේවල් ගැන එයාගෙ යෝජනාත් කිව්වා, මට පුදුම හිතුනා. හැබැයි ඒ ලියපු පලවෙනිම ලිපිය ගැන මුකුත් කිව්වේ නැතුව ඒ වොලට්ස් දෙක නම් හරිම කැතයි කිව්වා😁 ඒ වොලට්ස් මම සල්ලි වලට ගත්ත ඒවා නෙමෙයි, මට ලැබුණු ඒවා. ඒවා ලැබුණු හැටි මම පසුව ලියන්න යන්න හිතන් ඉන්නවා.
කොහොම නමුත් ග්ලුමුත් අනුමත කරපු නිසා බ්ලොග් එකක් පටන් ගන්න ඕනේ. මගේ ලිපිය කියවපු ලයික් කරපු කමෙන්ට් කරපු හැමෝටම ගොඩාක් ස්තුතියි🙏ඒවා මට ගොඩක් වටිනවා.
දැන් මේ ඔක්කොම පැත්තකින් තියලා මට ආපහු ගලිවර්ගේ සුවිසැරිය බලන්න හිතෙනවා😁
හැමෝටම සුභ දවසක් ❤️

2 comments:

  1. ගලිවර්ගේ සුවිසැරිය, හම්මේ මතක් වෙන කොටත් හඳුන්-පොත "ටිං-ටිං" ගානවා. ඒ කාලෙ අපි ඕකෙ කුමාරිට ලව්. අර එක එපිසෝඩ් එකක, ගලිවර් කොලුවා, මායාකාරී උල්පතේ වතුර බීලා, කුමාරිගෙ ගාණට පුංචි වෙනවා. එදා අපි ගලිවරයට බැන්නා බැනිල්ලක්, උන්දෑ එහෙමම නොහිටි එකට.

    ReplyDelete
  2. ලියන්නැද්ද නගා!?

    ReplyDelete

ස්තූතියි 2023❤️

 ස්තූතියි 2023 ❤️ එක පාරටම බ්ලොග් එකක් පටන් ගත්තට මොකද ඒක ලත් තැනම ලොප් උනා වගේ එතනම නැවතුනා. ඒකට හේතුව වුණේ මම මේ රටට ආපු හේතුව උනු මාස්ටර්...