
අද 2023 ජූලි මාසෙ 24 වෙනිදා මගේ උපන්දිනය. හරියටම කිව්වොත් හතලිස් එක් වෙනි උපන්දින. මම සුලාගේ විත්ති කියන පිටුව මුහුනු පොතේ පටන්ගන්නේ ජූලි මාසෙ පහළොස් වැනිදා. සතියකට කලින්.
පළවෙනිම ලිපියට ලැබුනු ප්‍රතිචාරයක් තමයි බ්ලොග් අඩවියක් පටන් ගන්න කියන එක. යෝජනාව කළේ මංජුල පෙරේරා මහත්මයා. "තට්ටයගෙ කොලම" බ්ලොග් අඩවිය එතුමාගෙ.
ඉතින් මගේ කාර්යබහුලත්වය නිසා බ්ලොග් අඩවිය පටන් ගන්න එක දවසින් දවස කල් ගිහින් දැන් සතියක්ම ගෙවුනා.මට හිතුනා අද දවස ඇතුළත මේක කොහොම හරි කරනවා කියලා මතක සටහනක් විදියට. මගේ උපන්දිනේට මම මටම දෙන තෑග්ගක් මෙය.
බ්ලොග් අඩවියේ ලියන්න හිතන් ඉන්නේ මගේ ජීවිත අත්දැකීම්. මේ වෙනකොට ලිපි තුනක් ලියලා තියෙනවා. මුහුනුපොතේ ලියූ මුල්ම ලිපි තුන තමයි ඊලගට මෙහි තියෙන්නෙ.
මම මෙහෙම මගේ ජීවිත අත්දැකීම් ලියලා තියන්න හිතුවේ ඉදිරි කාලයකදී මටම ආපසු හැරී කියවා බලන්න වගේම මගේ එකම දුවට කවදහරි එයාගේ අම්මගේ අත්දැකීම් කියවන්න පුළුවන් වෙයි කියලා හිතලා.ඉතින් ඔබත් මගේ කතා කියවලා රසවිඳිනවා නම් ඔබටත් ඒ හා සමාන අත්දැකීම් තියෙනවා නම් මාත් එක්ක ඒ අත්දැකීම් බෙදා ගන්න කියලා ආදරෙන් ඉල්ලනවා.
ඉතින් අපි ඇවිදන් යමු සුලාගේ විත්ති එක්ක💓
පළවෙනි post එකම ලස්සනට ලියලා. දිගටම ලියන්න. ආසයි කියවන්න :) සුභපැතුම්!
ReplyDeleteබොහොමත්ම ස්තූතියි මල්ලි:)
Deleteසුලා වෙත!
ReplyDeleteඅද දිනයේ අපගේ කණ්ඩායමට සුභ දසුනක් වූයේ ඔබගේ බ්ලොග් ආගමනයයි!
ඔබගේ බ්ලොගය මේ වන විට අපගේ සින්ඩියේ දුහුනන් මැවුම් සඳහා වෙන්ව ඇති "6. එන්න මගේ ප්‍රිය මිතුරෝ " කොලමේ පෙලගස්වා ඇත!
දිගටම ලියන්න.
මුල්ම කාලයේ පාඨකයින් දිනා ගැනීමට තරමක් අපහසුවේවි.
එහෙත් නොනැවතී ලියන්න
එය දිනෙන් දින ඉහල යනු ඇතැයි අප උදක්ම විශ්වාස කරණ්නෙමු.
ලියන්න! දිගටම ලියන්න!!
සදකඩ පහනෙහි මටත් අවස්තාවක් දුන්නාටත් මේ ධර්‍යමත් කිරීමටත් බොහොමත්ම ස්තූතියි. ලිවීමට මම බොහොම අලුත්. සින්හලෙන් යමක් පිලිවෙලකට ලියන්නේ අවුරුදු 13 කට පසුවයි. ඒ නිසා ව්‍යාකරන, අක්ශර වින්‍යාසයන්හි වැරදීම් ඇතොත් සමාවෙන්න.
Deleteසුබ පැතුම්! අදයි ඇහැ ගැටුනේ. විවේකීව කියවන්න ආයෙත් එනවා. දිගටම ලියන්න ධෛර්යය ලැබේවා!
ReplyDelete